
බාධක ගිරි ශිකර මැදින් කුස ගින්දර දිවෙනවා
අළුත් පාර හැදෙනවා
හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා
අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනා
මැති උතුමන් නමින් පාරෙ කඩුලු ඇරෙනවා
පාර අයිනෙ අපි හැම දා බලා ඉන්නවා
අසන්න
පද:කුමාරදාස සපුතන්ත්‍රී
නාද සිත්තම්: රෝහණ වීරසිංහ
ගැයුම: එඩ්වඩ් ජයකොඩි
No comments:
Post a Comment
ඔබේ අදහස් සිංග්ලිෂ් වලින් ලියන්න කැමතිනම්