හඬන පණ නළ යදින සැනසුම දැවීයයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමනකි වියළි කතරට හිමිවුනේ
යොවුන් සිතිවිලි විපිලිසර වී මහළු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත හඬන සුරගුරු යදී සිඟමන් මාවතේ
රකුසු පියසක පිපුනු කුසුමට මලවි හමුවන පින නැතේ
දෑස නැතිවිට නුහුරු මංපෙත සරන පා යුග පටලැවේ
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
නාද සිත්තම් - ලක්ෂ්මන් විජේසේකර
ගැයුම - සුනිල් එදිරිසිංහ
කලකට පෙර රූපවාහිනී මාලා නාටකයක තේමා ගීතය ලෙස රසික සවන් වෙත ආ මේ ගී සිත්තම යොවුන් ප්‍රේමයේ විප්‍රයෝගී රසයෙන් හදවත පුරවාලයි. දෙහදක නැඟුන මිහිරි පෙම් සිතුවිලි නොයෙකුත් සමාජ සීමා මායිම් නිසා බොඳවී යන අයුරු ශෝකී රස පිරුනු වදන් වැලකින් රචකයා ගෙන එයි.
හඬන සිත යදින ඒ සැනසුම හද චිතකයෙහි දැවීයන කල වියලී ගිය කතරට කඳුළු බිංඳුවකින් කවරනම් සැනසුමක්ද...
යුග යුග කියවෙන පරම්පරා ගැටුම නොනැවතී ඉදිරියට යද්දී යොවුන් හදවත් යලි යලිත් දුකටම පැමිනේ...එවන් ලොවක මේ බැමි නොහඳුනන ආදරය අඳුරේ වල්මත්වීමත් අරුමයක්ද....
Monday, June 29, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබේ අදහස් සිංග්ලිෂ් වලින් ලියන්න කැමතිනම්