මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේණී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ ...දෑස ගියා ඉගිලී
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ
රිය ඇතුලේඋණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩවතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ
පද: ලූෂන් බුලත්සිංහල
නාද සිත්තම්: රෝහණ වීරසිංහ
ගැයුම: රෝහණ වීරසිංහ
ඔබ සවනට
සෙංකඩගල නුවර හතරවට කළුව වපුරා වහින මහ වැස්සේ පියමැන යද්දී ..මා ගත මඩවතුරින් නහවා ඇදී ගිය ඒ රිය කවුළුවෙන් නෙත ගැටුනේ..සදාකාලික කලුවරක මා හදවත තනිකර ගිය ඒ මියුලැසියයි...
එදා ඔබ අතගෙන තෙමි තෙමී ගියදා නම් ..මේ වැස්ස කොතරම් ලස්සනද..ප්‍රේමනීයද...උණුසුම්ද...
අද ඒ උණුසුම ඔබ පමනක් විඳිද්දී ඔය රිය ඇතුලේ.. මඩවතුරින් මා නැහැවුනත් ඔබ ගැන නොවෙමි අමනාප ..ඒ අප පෙර ඇසුර නොදන්නා රියසක හන්දාම නොවේ ප්‍රියාවිය ..මිය නොගිය මා සෙනෙහස නිසාමය..
Subscribe to:
Post Comments (Atom)
කෙටි වුනත් හිතට වදින ලස්සන විග්‍රහයක් :)
ReplyDeleteමේක ලූෂන් බුලත්සිංහල මහත්තයා මහනුවර කච්චේරියෙ වැඩ කරපු කාලෙ එතුමගෙ සත්‍යම අත්දැකීමක් කියල අහල තියෙනවා
ReplyDelete