
ඔබ සුමුදු නෙත් කැළුම් සපැමින
ගැටීලා මා ඇසිපියේ
පතිත වුනා මහනෙල් පතක් සේ
නිසල රැය මත විල් ජලේ
ඔබ සුසුම් රේණු පවනට මුසුවුනා
පතිත වුනා මහනෙල් පතක් සේ
නිසල රැය මත විල් ජලේ
නිල්මහනෙල් පත් පහසින
කැලඹී යයි මා හදවිල
ඉවුරු බදයි නිබඳ යදින
මුදු පෙණකැටි සෙනෙහසේ
පද: කේ.එන්.ඕ ධර්මදාස
ගැයුම: අමරදේව
ඔබ සවනට
No comments:
Post a Comment
ඔබේ අදහස් සිංග්ලිෂ් වලින් ලියන්න කැමතිනම්