යුගයෙන් යුගයේ ඔබ දුටුවාසසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
පවසින් වැලපෙත කරදියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය
සුන්බුන් වූ විට සැඩ සුළඟේ
දියපිට ඉන්නට දැව යහනක් විය
වල්මත් වූ විට දිවි දියඹේ
ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය
අසන්න
පද: සුනිල් ආරියරත්න
නාද සිත්තම්: ස්ටැන්ලි පීරිස්
ගැයුම: නන්දා මාලිනී


