නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුළඟ නීලවලා තුලට ගුලිවෙවී
සඳ හොරෙන් සිනාවී නිල්දිය මතට පාවෙමින්හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා
ලැම හසුන් රැඟුම් පා මනමත් කලාදෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකීදෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත්
ඔබ ලඟ නැවතිලා
පද: අමරසේන කංකානම්ගේ
නාද සිත්තම්:රෝහණ වීරසිංහ
ගැයුම:එඩ්වඩ් ජයකොඩි
ඔබ සවනට
සිත උතුරා යන සෙනෙහස ..දෝරෙ ගලන හැඟුම් ගඟුල
ඔබ මා සෙවණැලි එක් කර ...නළවයි අප සුයාමයක
මොහොතක් නොව ඒ තුසිතය
දෙහද සැලෙන තුරු සදහට......



